Sunday, July 28, 2019

රෝමානු කතෝලික සභාව



කතෝලික සභාවේ ව්‍යුහය තුළ පාප්තුමා, බිෂෝප්වරු, පූජකවරු, පැවිදිවරු හා ගිහියන් දක්නට ලැබේ. 
 පාප්තුමා

           පාලනය අතින් කතෝලික සභාවේ ප‍්‍රධානියා වන්නේ පාප්තුමාය. මොහු සමස්ථ කතෝලික ලෝකයේ ම පාලක නායකයා වන අතර, රෝම අඩවිය පාලනය කරන බිෂොප්තුමා ද වන්නේය. විශ්ව සභාවේ ප‍්‍රධාන ධර්මචාර්යවරයා හා පාලකයා වශයෙන්  ඕනෑම ධර්ම සිද්ධාන්තයක් කාලෝචිත විලාශයකට විස්තර කිරීමට ද සභා විනයට අවශ්‍ය නීතී නියෝග පැනවීමට ද පාප්තුමාට බලයක් ලැබෙන්නේ ය. ඒ බලයට සම්බන්ධව ‘ධර්මෝපදේශ නිරවද්‍යභාවය’ යනුවෙන් හැදින්වෙන අති විශේෂ වූ දේව දීමනාවක් ද පාප්තුමාට හිමි වී ඇතැයි කතෝලිකයෝ විශ්වාස කරති. ඒ දේව දීමනාව අනුව සභා නායකයා වශයෙන් කිසියම් ධර්මතාවක් පැහැදිලි කරන විට හෝ විනය නීතීයක් පනවන විට ඔහුට කිසිසේත් වැරදීමක් සිදුවිය නොහැක. පාප්තුමන්ගේ ‘ධර්මෝපදේශ නිරවද්‍ය භාවය’ බැතිමතුන් විසින් අනිවාර්යයෙන්ම පිළිගත යුතු ධර්ම සිද්ධාන්තයක් යැයි පළමුවැනි වතිකානු සම්මේලනයේ දී (ක‍්‍රි.ව 1809 - 1870* ප‍්‍රකාශයට පත් කරන ලද්දේය.
එසේ වුවද මෙම ‘ධර්මෝපදේශක නිරවද්‍යභාවය’ අසීමිත එකක් ම නොවේ. බයිබලයට හෝ මුල් කාලීන විශ්වාසයට ඇතුළත් නොවන නව ධර්මතාවක් ඉදිරිපත් කිරීමට එයින් එතුමන්ට බලයක් ලැබෙන්නේ නැත. එතුමන්ට කළ හැකි වන්නේ මුල් කාලීන විශ්වාසයේ ඉඟියෙන් සඳහන් වී ඇති ධර්මතා වඩා සවිස්තරව පැහැදිලි කිරීම පිණිස පමණි. එලෙසම අලූතින් පැහැදිලි කරනු ලබන සිද්ධාන්ත ඒයාකාරයෙන්ම පිළිගැනීමට කතෝලිකයෝ බැඳී සිටිති.

බිෂොප්වරු 

               පාප්තුමන් හැරුණු විට රෝමානු කතෝලික සභාවේ උසස් ම පාලන බලතල හිමිවන්නේ බිෂොප්වරුන්ටය. තමන්ට හිමි දිසාවේ ප‍්‍රධාන පාලකයා ඔහු වේ. ‘‘බිෂොප්’’ යන වචනය ‘වැඩ බලන්නා’ හෙවත් ‘‘සංවිධාකයා’’ යන අර්ථය ඇති ‘එපිස්කොපොස්’ නැමැති ග‍්‍රීක වචනයෙන් බිදී එන්නකි. සිංහල කතෝලිකයන් අතර බිෂොප්වරයෙකු හැදින්වෙන්නේ ‘රාජගුරු ප‍්‍රසාදි තුමා’ යනුවෙනි. ඔහු පාලනය කරන දිසාව නොහොත් අඩවිය ‘පදවිය’ යනුවෙනි.
රාජගුරු ප‍්‍රසාදිවරු, පාප්තුමන්ට දෙවැනි වූ පාලක තනතුරක් දරන නමුත් පාප්තුමා මෙන් ම රාජගුරු ප‍්‍රසාදිවරු ද සැලකෙන්නේ එකම පාලක මණ්ඩලයක සභිකයන් ලෙසය. ඊට හේතුව රාජගුරු ප‍්‍රසාදි මණ්ඩලය, දොළොස් දෙනෙකුගෙන් යුක්ත වූ ක‍්‍රිස්තුස්වහන්සේගේ අග‍්‍ර ශ‍්‍රාවක මණ්ඩලයේ ම අනුකරණයක් හා එයින්ම පැවත එන්නක් ලෙස කතෝලිකයන් විසින් සලකනු ලැබීමයි. මුල් කාලීන අග‍්‍ර ශ‍්‍රාවක පාලක මණ්ඩලය තුළ පේදුරු තුමා නායකත්වය දැරුවා සේ නූතන රාජගුරු ප‍්‍රසදි පාලක මණ්ඩලය තුළ පාප්තුමා නායකත්වය දරයි. එම විශේෂත්වය හැරුණු විට පාප්තුමා හා රාජගුරු ප‍්‍රසාදිවරු ක‍්‍රිස්තු තුමන් විසින් පිහිටුවන ලද එකම පාලක මණ්ඩලයක එක හා සමාන වූ සභිකයන් ලෙස සලකනු ලැබේ.

 පූජකවරු
       රාජගුරු ප‍්‍රසාදිවරයෙක් තම පදවිය පාලනය කරන්නේ එම පදවිය ට අයත් වසම් රැුක බලා ගන්නා නියෝජිත නිලධාරින් වන පූජකවරුන්ගේ සහයෝගය ඇතිව ය. මෙම හැම වසමක් ම ‘මීසමක්’ ලෙස හැදින්වීම සිංහල කතෝලිකයන් අතර පවතින සමාන්‍ය සම්ප‍්‍රදාය ය. ‘මීසම’ යන්න ‘‘ධර්ම¥ත කාර්යය’’ යන අර්ථය ඇති ‘‘මිෂන්’’ යන ඉංග‍්‍රිසි වචනයෙන් බිදී එන්නකි. දේවස්ථාන සභා පාලනය කරන පූජකවරු සම්ප‍්‍රදානුකූලව අවිවාහකයෝ වෙති. කතෝලික පූජකවරුන්ගේ එම බ‍්‍රහ්මචර්යා පිළිවෙත නිසා කතෝලික සභාවේ පූජක ධූරය පිළිබද එක්තරා ප‍්‍රශ්නයක් අන්‍යාගමිකයන් අතර ඇතිවීම වැලක්විය නොහැක. කතෝලික පූජකවරු ගිහියෝ ද, පැවිද්දෝ ද, යන ප‍්‍රශ්නය වේ.
කතෝලික පූජකවරයා හින්දු ආගමේ වේවා, ලාංකිකයන්ගේ පොදු ජන ආගමේ වේවා, පූජකවරුන්ට වඩා තවත් එක් විශේෂ අංගයකින් වෙනස් වේ. එනම් කතෝලික චින්තන රටාව අනුව පූජකවරයා පූජාව පවත්වන්නෙක් පමණක් නොවේ. ඔහු සභාවේ පාලකයෙක් ද වේ. පළාත් පාලන රාජගුරු ප‍්‍රසාදි තුමෙකු යටතේ ඔහුගේ ම නියෝජිතයෙකු වශයෙන්, පූජකවරයා දේවස්ථාන සභාවක් හෝ ‘මීසමක්’ පාලනය කරයි. පූජා ඔප්පු කිරීම සමගම සභාවේ කොටසක් පාලනය කිරීමේ බලයක් ද, හිමිවීම කතෝලික සභාවේ පූජකවරුන්ට විශේෂ වූ අංගයක් ලෙස ගත යුතු වන්නේ එහෙයිනි. සභා පාලනයෙහි යෙදී සිටින පූජකවරු හෙවත් ස්වාමිලා ‘‘සභා පාලක පූජකවරු හෝ ‘පදවි පූජකවරු’ යනුවෙන් ද හැදින්වෙති.

Image result for priestපැවිදිවරු
              පැවිදිවරු, පූජකවරු මෙන් රාජගුරු ප‍්‍රසාදිවරුන් යටතේ පාලන කටයුතු වල නිරත වන පිරිසක් නොවෙති. ස්වාධීනව සංවිධානය වූ විවිධ කණ්ඩායම් වලට අයත් වන මොවුන්ගේ ප‍්‍රධාන කාර්යය තම පෞද්ගලික විමුක්තිය සලසා ගන්නා අතර, සභාවේ ධර්ම දේශක හා සමාජ සේවා කාර්යයන්ට සහය වීම ය. මෙවැනි පැවිදි සංවිධාන අතරින් සමහරක් පිරිමින් සඳහා වෙන් වූ ඒවාය. සමහරක් ස්ත‍්‍රීන් සඳහා වෙන් වූ ඒවාය. සමාජ සේවා කටයුතු වලදී ද අධ්‍යාපන සේවය සඳහා ද සභාවේ ස්ථාවරභාවයට හා සංවර්ධනය ට මොවුන්ගෙන් ලැබෙන පිටිවහල මැනිය නොහැකි තරමට විශාල ය. ලංකාවේ පිරිමි පැවිදිවරුන් සඳහා වෙන් වූ සංවිධාන 15 ක් ඇත. ස්ත‍්‍රින් සඳහා වෙන් වූ සංවිධාන 25 ක් ඇත.
කතෝලික ක‍්‍රමයේ පැවිදි ජීවිතයට බ‍්‍රහ්ම චර්යාවට අමතරව තවත් අංග දෙකක් ඇතුළත් වේ.  එයින් එකක් නිර්ධන භාවය යි. කිසිම පැවිද්දෙකුට පුද්ගලික ධනයකට හිමිකම් කිව නොහැක. පැවිදි ආයතනයට අයත් දේපළ එකසේ හැම කෙනෙකුටම පොදු වන නිසා, ඒවා හැම කෙනෙක්ම සාංඝිකව භාවිතා කළ යුතුව ඇත. අනික නම් පැවිදි නායකයාට අවනත වීමය. කිසිම පැවිදි වරයෙකුට තමන්ට රිසි සේ ධර්ම සේවාවක වුවද යෙදිය නොහැක. ඔහු ක‍්‍රියා කළ යුත්තේ ඔහු අයත් පැවිදි ආයතනය පාලනය කරන නායකයාගේ නියෝග අනුව ය. එලෙස ගත් විට පැවිදි ජීවිතයේ බ‍්‍රහ්ම චර්යාව, නිර්ධන භාවය, හා කීකරුකම අනිවාර්ය අංග 3 කි. පැවිදි ජීවිතයට පා තබන කවරෙක් වුව ද මෙම අංග 3 තම මරණය දක්වා පිළිපැදීමට ප‍්‍රතිඥාවක් දිය යුතුය. එය ‘‘ත‍්‍රිවිධ පැවිදි ප‍්‍රතිඥා’’ යනුවෙන් හැදින්වේ. විවිධ යුගවල, විවිධ රටවල පැවිදි කණ්ඩායම් රාශියක් තිබුණ ද ඒවායේ ආයතනික සංවිධානය එකිනෙකට වෙනස් වුව ද මෙම ප‍්‍රතිඥාව පොදු ය. කතෝලික පැවිදි ජීවිතය පූජක ජීවිතය මෙන් පිරිමි පක්ෂයට පමණක් සීමා වුවක් නොවේ. ගැහැණු පිරිමි භේදයක් නැතිව  ඕනෑම කෙනෙකුට ඊට ඇතුලත් විය හැක. පැවිදි ස්ත‍්‍රිහූ සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ ‘කන්‍යා සොහොයුරියන්’ හෝ ‘සිස්ටර්ලා’ යනුවෙනි. පිරිමි පැවිදිවරුන් අතර පැවිදිභාවය පමණක් දරණ කණ්ඩායමක් ද, පැවිදිභාවයත් සමග පූජක ධූරයත් හිමිකරගෙන සිටින කණ්ඩායමක් ද, ඇත. පළමු කණ්ඩායම ‘‘පැවිදි සොහොයුරෝ’’ හෙවත් ‘‘බ‍්‍රදර්ලා’’ ලෙසත් දෙවන කණ්ඩායම ‘‘පැවිදි පූජකවරු’’ හෙවත් ‘‘තාපස ස්වාමිලා’’ ලෙසත් හැදින්වේ. නූතන ලංකාවේ පැවිදි සොහොයුරන්ගේ සංවිධාන 7 ක් ද, පැවිදි පූජකවරුන්ගේ සංවිධාන 8 ක් ද, ඇත. 


ගිහියෝ
            කුමන ආගමක හෝ වේවා වැඩිම සංඛ්‍යාව ගිහියෝ වේ. ආගමක් රදා පවතින්නේ ඔවුන් මතය. කතෝලික සංවිධානය තුළ පූජකයාට හා පැවිද්දාට ඇති ස්ථානය සසදන විට විවාහක ගිහියා ට හිමි ස්ථානය එතරම් ප‍්‍රබල නොවේ. පාලන වගකීමක් ඔහු සතුව නැත. බෝාහා් දුරට යටත් වැසියෙක් පමණි. පූජකයාගේ හා පැවිද්දාගේ සේවය ලබන්නා ඔහු ය. පූජකයා හා පැවිද්දා නඩත්තු කරන්නා ද ඔහු වේ.
එසේ වුවද ධර්ම සේවයෙහි හා සමාජ සේවයෙහි නිරත වන ගිහියෝ නැත්තේ ම ද නොවේ. ඔවුන් සඳහා වෙන් වූ විශේෂ සංවිධාන ද ඇත. කම්කරුවන්ගේ ශුභ සිද්ධිය සඳහා වෙහෙසෙන ‘‘කතෝලික කම්කරු ව්‍යාපාරය’’ අසරණයන්ට සරණ වන ‘ශා. විසෙන්ති ද පාවුලා සමිතිය’ බැතිමතුන් අතර ආගමික භක්තිය වර්ධනය කරන ‘‘මරිය හමුදාව’’ එවැනි සංවිධාන වලින් සමහරෙකි. එසේ වුවද සම්ප‍්‍රදායක් වශයෙන් මෙම ගිහි සමිති සමාගම් ක‍්‍රියාත්්මක වන්නේ පූජකවරුන්ගේ ම ධර්මෝපදේශකත්වය යටතේ ය.



ජන වන්දනාව හැදින්වීම
                 
  ජන වන්දනාව යන වචනය ග‍්‍රීක ‘‘ලෙයිටුර්ජියා’’
(LEITOURGIA) යන්නෙන් බිදී ආ වචනයකි. ලෙයිටුර්ජියා යන ග‍්‍රීක වචනය ‘‘ලා ඕස්’’ ‘‘එර්ගෝන්’’ යන වචන වලින් සෑදුණකි. ලා ඕස් යනු ජනතාවයි. එර්ගෝන් යනු ප‍්‍රසිද්ධ වැඩකි. ඒ අනුව ලෙයිටුර්ජියා යන වචනයේ මුල් අර්ථය ජනතාව වෙනුවෙන්, ජනතාව උදෙසා වැටුපක් නො ලබා කරන උසස්ම සේවයකි. ඒ අනුව එකල පැවැති ප‍්‍රසිද්ධ මංගල්‍යයන් හා අනිවාර්ය රාජ්‍ය සේවාව වැනි පොදු සේවාවන් ලෙයිටුර්ජියා ලෙස සැලකිණ. මෙය ආගමික දෘෂ්ටී කෝණයකින් බැලූ කළ එය දෙවියන් වහන්සේට කරන වැදීමකි. ංසස වන පියුස් ශුදතුම් පියාගේ ‘‘මිඩියාස්තෝර් දේයි’’(MEDIATOR DEI) යන ලියවිල්ලේ අර්ථය දක්වන්නේ මෙලෙසින් ය.
   ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ අති ඉන්ද්‍රීය දේහයේ කොටස් වන ශු. සභාව සමගින් ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ පිය දෙවිඳුන්ට කරන උසස් ම යැදුම ජන වන්දනාව යි. 1962 - 1965 දක්වා පැවති දෙවන වතිකානු මන්ත‍්‍රණ සභාව එය මෙසේ විස්තර කරයි. ජන වන්දනාව නම් ක‍්‍රිස්තුස් වහන්සේ හිස වන්නා වූද, සියලුම විශ්වාසිකයන් අවයවන් වන්නා වූද, අති ඉන්ද්‍රීය දේහය විසින් දෙවි පියාණන් හට අති උතුම් වන්දනාවත්, ප‍්‍රශසංසාවත්, ස්තුතියත් පුද කරන එමගින් මනුෂ්‍යයින් ශුද්ධවන්ත කරන දේව ජනතාව ශුද්ධ වූ සභාවේ ක‍්‍රියාකාරීත්වයට යොමු කරන අග‍්‍ර ස්ථානය ද ශුද්ධ වූ සභාවට මුළු ශක්තිය සලසන උල්පත ද  වන්නේ ය.ජන වන්දනාවේ හෙලනිස්ත අර්ථය වන්නේ ජනතාව එකමුතුව දෙවියන් වහන්සේට කරන  වන්දනාව යි. ක‍්‍රිස්තු අභිරහස තුන්සාවාකාරයෙන් පැවැත්වීමයි. අනුස්මරණය කිරීමයි. ක‍්‍රියාකාරීව දෙවියන් වහන්සේට වන්දනා කිරීමෙන් ජනතාව තුළ වෙනසක් ඇති වේ. සහෝදරත්වය වර්ධනය වේ. දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ඇති වේ.

ජන වන්දනාවේ ස්වභාවය හා එහි වැදගත්කම

                       සකල ජනතාවට ගැලවීම ලබා දීම සඳහා ක‍්‍රිස්තුස් වහන්සේ තම මරණයෙන් ද, උත්ථානයෙන් ද, ස්වර්ගාරෝහණයෙන් ද, අප දෙවිඳුන් හා මිත‍්‍ර කර දෙවියන් වහන්සේට දිය හැකි උසස් ම උතුම් ම වන්දනාව අප වෙනුවෙන් ඔප්පු කළහ. එම වන්දනා මෙහෙවරට අපව ද සහභාගි කර ගැනීම සඳහා ශුද්ධ වූ සභාව ස්ථාපනය කළ සේක. මෙම ගැලවීමේ අභිරහස උන්වහන්සේ විසින් ම ස්ථාපිත ප‍්‍රසාද නිධානය මගින් යථාර්යට පත් කළහ. ගැලවීම හා ජන වන්දනාව පිළිබදව උන්වහන්සේගේ එම උතුම් කාර්යයට අපව ද අද සහභාගි කරවා ගන්නේ ජන වන්දනාව මගින් ය. සෑම ජන වන්දනා මෙහෙයක් ම ක‍්‍රිස්තුස් වහන්සේගෙත් ශු. සභාවෙ පූර්ණ ක‍්‍රියාවකි. එහෙයින් සෑම දිව්‍ය පූජාවක් තුළින් ම දේව ස්තෝත‍්‍ර ගායනයක් තුළින්ම හා දේව ප‍්‍රසාද නිධානයක් තුළින් ම ජනතාවට ජන වන්දනාවට සහභාගි වන්නට ප‍්‍රථම විශ්වාසය හා සිත් හැරීම කරා කැදවනු ලබයි. සභාව ඔවුන් ඒකරාශි කර උතුම් ජන වන්දනාව වන දිව්‍ය පූජාවට සහභාගි කරවයි. ස්වාමින්වහන්සේගේ භෝජනය අනුභව කිරීමට මග සලස්වයි. සෑම ධර්ම ප‍්‍රයත්තක ම පරමාර්ථය සියලූම මනුෂ්‍යායන් ජන වන්දනාවට කැදවීමයි. ජන වන්දනාව ප‍්‍රධාන හා අර්ධ ජන වන්දනාව වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

ප‍්‍රධාන ජන වන්දනාව
-    දිව්‍ය පූජාව
-    දේව ප‍්‍රසාද නිධාන
-    සභාවේ නිල යාච්ඤා හෙවත් දේව ස්තෝත‍්‍ර ගායනා
අර්ධ ජන වන්දනාව
-    ශුද්ධ වූ පැය
-    ජපමාලය උච්චාරණය කිරීම
-    දිව්‍ය සත්ප‍්‍රසාද ආශිර්වාදය
-    සුව මෙහෙයන්
-    බයිබල් මෙහෙයන් හා විවිධ භක්ති අභ්‍යාස

ජන වන්දනා වසර

 කිතු සමිඳුන්ගේ පාස්කු අභිරහස හා ගැලවීමේ කාර්යය සදාතනිකව සිහිපත් කිරීම සඳහාත් ANAMNESIS සැබවින්ම ඒ තුළ ජනතාව ජීවත් කරවීම සඳහාත් නිල වශයෙන් වසරේ කාල සීමාවන් සකස් කර ඇත. එය ජන වන්දනා වසරයි.  එය  මෙය වසරක කාල සීමාවක් තුළ සකස් කර ඇත. මේ වසරක කාල සීමාවක් තුළ දී පිය දෙවිඳුන්ට නමස්කාර කරන්නට ද එතුමාගේ යහගුණ පැසසීමට ද අපව ශුද්ධවන්ත කර දේව ප‍්‍රසාද නිධාන දානය කරන්නට ද, සභාව කටයුතු කරයි. මේ වසර කාල තුළ භාවිතා වන කියවීම් සමදර්ශක සුවිශේෂ අනුව කාල 3 කට බෙදා ඇත. දේව වාක්‍ය සංග‍්‍රහයේ මෙම වසර වල් අපට හමු වේ. පළමු වසර මතෙව් සුවිශේෂය ද, දෙවන වසර මාර්ක් සුවිශේෂය ද, තුන් වන වසර මතෙව් ලූක් සුවිශේෂය ද, භාවිතයට ගනු ලැබේ. ජුවාම් සුභාරංචිය මාක් සුභාරංවියේ අඩු කොටස පිරවීමට පාස්කු කාලයේදී ද, භාවිතා කෙරේ.

ජන වන්දනා වසරේ සමයයන්
1  ආගමන සමය
2  නත්තල් සමය
3  සමාන්‍ය සමය
4  චතාරික සමය
5  පාස්කු සමය
6 සමාන්‍ය සමය
7 ආගමන සමය
                     ඉරු දිනවල් සතරකි. සමිඳුන්ගේ මාංශගත වීමත්, එතුමන්ගේ දෙවන ආගමනයත්, අප හදවත් තුළ එතුමන්ගේ ආගමනය සිදුවන ආකාරයත් පිළිබදව විමසා බැලීමකට ආගමන සමය තුළ අපව යොමු කරයි. මේ සමය බලාපොරොත්තුවේ සමයයි. සමිඳුන්ගේ ආගමනය සඳහා සෑබෑ ජීවිත පෙරළියක් ඵෑඔ්භෂධ්  අත් දකින්නට අපට ආයාචනා කෙරේ. උන්වහන්සේගේ ආගමනය ත‍්‍රිවිධාකාරයි.


1 ඓතිහාසික ආගමනය                      - Histrorical Coming
2 දෙවන ආගමනය                             - Messianic Second Coming
3 අප තුළට එන නිරන්තර ආගමනය    -Coninuous Coming    

ආගමන සමයේ ප‍්‍රධාන කොටස් 2 කි.
1   පළමු ඉරුදින සිට දෙසැම්බර් 16 දක්වා කාලය දෙවන පැමිණීම හෙවත් පරුසියාව (PRAOUSIA) සිහි ගැන් වේ.
2   දෙසැම්බර් 17 සිට 24 දක්වා කාලය පළමු පැමිණීම ඓතිහාසික පැමිණීම සිහි ගැන් වේ. ආගමන සමයේ ශ‍්‍රී වචනය තුළින් අපට චරිත් 5 ක් මුණගැසේ. එනම්
1   ආබ‍්‍රහම්
2  දාවිත්
3  යෙසායා
4  ස්නාවක ජුවාම්
5  මරිය තුමිය

නත්තල් සමය
               ආගමන කාලයේ සති 4 කට පසුව එන දෙසැම්බර් 25 වන දින නත්තල් මංගල්‍යය සිදු කෙරේ. මෙදින දිව්‍ය පූජා 3කි.
මධ්‍යම රාත‍්‍රි දිව්‍ය පුජාව
උදේ පූජාව
දහවල් පුජාව
රජුන්ට ප‍්‍රත්‍යක්ෂ මංගල්‍යයෙන් පසු නත්තල් සමය නිමා වේ. එනම් ජනවාරි 2 ත් 8 ත් අතර එන ඉරුදිනයි. නිරපරාද බොළඳුන් සිහි කිරීම, ශුද්ධ වූ පවුලේ මංගල්‍යය සුපරිශුද්ධ දේව මාතා මංගල්‍යය (ජනවාරි 01* මේ කාළය තුළ සැමරේ.

සමාන්‍ය සමය
              මෙය කොටස් 2 කි. නත්තල් සමයේ අවසාන දින සිට ගුරු අගහරුවාදා දක්වා එක කොටසක් ද, පෙන්තකොස්ත දිනට පසුව එන සිට ආගමන සමයේ පළමු වන ඉරුදිනට පෙර සෙනසුරාදා දක්වා කාලය අනෙක් කොටස ද අයත් වේ. සමාන්‍ය සමයට ඉරුදිනයන් 34 ක් වේ. සමාන්‍ය සමය තුළ කිතුණු ජනතාව ජේසු සමිදාණන් තුළ තමන්ට අත්වූණ ගැලවීම මෙනෙහි කරයි. ශුද්ධ වූ ත‍්‍රිත්වයේ මංගල්‍යය ද දිව්‍ය සත්ප‍්‍රසාදයේ මංගල්‍යය ද  ක‍්‍රිස්තු රාජාණන්ගේ මංගල්‍යය ද මේ සමය තුළ පැවැත් වේ.

චතාරික සමය
               චතාරික සමය දින 40 කි. එය අප පාපයට වැටී නව ජීවනයක් ලබන කාලයයි. ආත්මාර්ථයට වැටී දෙවිඳුන් තුළ නිදහස් දරුවෙක් ජීවත් වන කාලය යි. අළු බදදායින් චතාරික සමය ඇරඹෙයි. මෙදින අළු ආශිර්වාද කිරීම, විශ්වාසකයින්ගේ නළලේ අළු තැවරීම සිදු කෙරේ. මෙයින් දෙවියන් ඉදිරියෙහි මිනිසාගේ දුබල බවත් නොවටිනා බවත් මතක් කරයි. චතාරිකයේ දින 40 න් පසු ශු. සතිය එළඹේ. පාස්කු අභිරහස ගැඹුරින් සමරන මෙම සතිය ජන වන්දනා වසරේ උතුම් හා භාග්‍ය සම්පන්න කාලයයි. මෙම කාලය තුළ මුල් කිතුණු සභාව තුළ නවකයන් ප‍්‍රසාද ස්නාපනය සඳහා සුදානම් කිරීමත් ප‍්‍රසිද්ධ ලෙස මනස්ථාපනය සඳහා පව්කරුවන් කැඳවීමත් අරමුණු කෙරිණි. විශේෂයෙන් දේව වචනය විශ්වාස ලක්ෂණය ස්වාමිවාක් ආරාධනය පිළිබද දැනුමක් එම ආධුනිකයන් වෙත ලබා දෙන ලදි.

උත්ථාන සමය හෙවත් පාස්කු සමය
                                  පාස්කු ඉරුදිනෙන් දින 40කට පසු ස්වර්ගාරෝහණයේ මංගල්‍යය ද ඉන් දින 10කට පසු ශුද්ධාත්ම මංගල්‍යය ද සැමරේ. මෙයින් උත්ථාන සමය නිම වේ. ජන වන්දනා සමයේ ප‍්‍රධානතම මංගල්‍යය පාස්කුවයි. පාස්කු ඉරුදිනෙන් සති 7 ක කාලයක් උත්ථාන සමයට අයත් වේ.
 
Image result for st lucia roman catholic church                                                 

රෝමානු කතෝලික සභාව මේ වන විට ඉතා පුළුල් ව පැතීරි ගොස් තිබෙන සභාවකි. නූතන ලෝකයේ දක්නට ලැබෙන්නට තිබෙන ක‍්‍රිස්ත‍්‍රයානි ශාඛා 4 අතරින් විශාලම ශාඛාව රෝමානු කතෝලික සභාව යි. පාප් තුමා යනුවෙන් නම් වන, රෝමයේ වසන අග‍්‍ර නායක පූජක තුමන්ගේ ධර්මෝපදේශක ආධිපත්‍යය පිළිගන්නා ක‍්‍රිස්තු භක්තිකයන්ගේ සංගමය රෝමානු කතෝලික සභාව යනුවෙන් හැදින්වේ.  ග‍්‍රීක ‘‘ ඕතඩොක්ස’’ සභාවේ වේවා, රෙපරමාදු හා පශ්චාත් රෙපරමාදු සභාවල වේවා, කි‍්‍රස්තු භක්තිකයෝ පාප්තුමාගේ ධර්මෝපදේශක ආධිපත්‍ය පිළිනොගනිති. රෝමානු කතෝලික සභාව හැම මහද්විපයකට ම පාහේ පැතිරී ගොස් තිබේ. ලොව පුරා මෙතරම් පැතුරුණු සංවිධානයක් මෙතරම් දීර්ඝ කාලයක් තුළ එක්සත්ව ද ඒකාකාරීව ද රැුකී ඇත්තේ කෙසේද යන්න කා හට වුවත් අසන්නට සිදුවන ප‍්‍රශ්නයකි. එහි රහස පාලන ක‍්‍රමය ය. ඉතාමත් විධිමත් ලෙස සකස් වූණු පරිපාලන ක‍්‍රමයක් කතෝලික සභාව සතුව ඇත. කතෝලික පාලන ක‍්‍රමය මධ්‍යගත එකක් වුවත්, ඒකාධිපති පාලනයක් ලෙස දැක්වීම දුෂ්කරය. එය ඒකාධිපති ආණ්ඩු ක‍්‍රමයත් හා සමූහාණ්ඩු ක‍්‍රමයෙත් සම්මිශ‍්‍රණයක් ලෙස ගැනීම වඩා යෝග්‍ය ය. කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත් විට කතෝලික සභාවේ පාලනය හා සංවිධානය පූජකවරුන් හා පැවිදිවරුන් අතෙහි පවතින නිසා ම කතෝලික සභාව බ‍්‍රහ්මචාරී මාර්ගෝපදේශකත්වයත් යටතේ සකස් වූ සංගමයක් සේ ගැනීමට සිදු වේ. කතෝලික සභාවේ මාර්ගෝපදේශකත්වය බ‍්‍රහ්මචාරී පිරිසකට හිමිවීමත් එහි පාලන ක‍්‍රමය මධ්‍යගත එකක් වීමත් එම සභාවේ ප‍්‍රධාන ලක්ෂණ 2කි. එහෙත් ගිහියන්ගේ පැත්තෙන් ගත් විට එයට 3 වන ලක්ෂණයක් ද ඇතුලත් බව කිව යුතු වේ. එය ප‍්‍රශ්න කිරීමෙන් තොරව මොවුහූ සභා  පාලකයින්ට නිරතුරු අවනත වීමේ සම්ප‍්‍රදාය ය. ගිහි කතෝලිකයෝ පාලකයන්ට යටත් වීම තම  භක්තියේත් ආගමික චර්යාවේත් අන්තර්ගත අංගයක් සේ සලකති. ඇතැම් විට රෝමානු කතෝලික සභාවේ ස්ථාවර භාවයට ද නොවෙනස් වන සුළු ස්භාවයට ද සමාජික සංඛ්‍යාවේ විශාලත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඒ ලක්ෂණ 3ම විය හැකිය.