1.අයිසෙක් ද සිල්වා
මොහු අරාබි නිසොල්ලාසය වැනි ජගත් කීර්තියට පත් කථාන්තරවල කිසියම් අභාසයක් ලබා ගෙන ඇත. එලෙසම ජෝන් බනියන් ලේඛකයාගේ කෘතිවලින් ලත් ප්‍රබෝධයම සිය කෘතිය රචනා කිරීමෙහි දී ලබාගෙන ඇති බව පෙනී යයි. අයිසෙක් ද සිල්වා තම ‘වාසනාවන්ත - කාලකණ්ණි පවුල නවකතා ලිවීමෙහි දී බනියන්ගේ ශෛලියෙන් නිර්මාණය කර ඇත.
නිදසුන :- ‘වාසනාවන්ත - කාලකණ්ණි පවුල’ නවකතාවේ ඇතැම් ස්ථානවලට නාට්‍ය ස්වරූපයෙන් ද ඇතැම් තැන්හි සංවාද ස්වරූපයෙන් ද ලියවී ඇත.
2.බෙන්තොට ඇල්බට් ද සිල්වා
මොහු පෙරදිග භාෂාවල ද මෙන්ම ඉංගි්රසි ලතින් ආදිී අපරදිග භාෂාවල ද නිපුණතාවයකින් හෙබි පුද්ගලයෙකි. ඇරබියන් නයිට්ස්, අරාබි නිසොල්ලාසය වැනි නවකතා සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මොහු විසිනි. එම නිසාම ඇල්බට් ද සිල්වා ‘විමලා’ නවකතාව නිර්මාණය කිරිමේ දී අරාබි නිසොල්ලාසයේ ආභාසය ගෙන ඇති බව හදුනා ගත හැක.
නිදසුන :- අරාබි නිසොල්ලාසයේ මෙන්ම මෙම ‘විමලා’ නවකතාවේ ද සිද්ධීන් බෝහෝමයක්
අභව්‍ය අයුරින් ගෙති ඇත.
3.පියදාස සිරිසේන
මොහු නවකතා රචනයේ දී ආධ්යාත්මික ගුණ වගාව පදනම් කර ගනිමින් රචනා කර ඇත. සැමුවෙල් රිචඞ්සන් ද නවකතා රචනයේ දී මෙම සිද්ධාන්තය මත පිහිටා නිර්මාණය කර ඇත. එලෙසම චාල්ස් ඩික්සන් නම් ඉංගි්රසි නවකතාකරුවා මෙන් මොහු ද දරුණු උපහාසාත්මක ධර්ම දේශකයෙකුගේ ස්වරූපයෙන් දේශනා ද පවත්වා ඇත. පියදාස සිරිසේන රහස් පරික්ෂක නවකතා නිර්මාණයේ දී ඉංගි්රසි සාහිත්‍ය නවකතාකරුවෙකු වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ශර්ලෝක් හෝම්ස් චරිතය පියදාස සිරිසේනගේ කොන්ගොඩ වික්රමපාලගේ වික්‍රමය නම් රහස් පරික්ෂක කතාවේ වික්රමපාලගේ චරිතය නිරූපනය කිරීමට ආධාර වී ඇත. එපමණක් නොව මොහු ‘රොසලින් හා ජයතිස්ස’ නවකතාව ලිවීමේ දී ‘හොඩට් උමා’ නවකතාව ආධාර කර ගෙන ඇත.
එසේම රුසියානු සාහිත්යයේ එක් සුලබ චරිතයක් වු වාදකාරයා සිංහල ප්‍රබන්ධ කතාවලට ද අවතීර්ණ වූ ආකාරය පියදාස සිරිසේනයන්ගේ ‘ජයතිස්ස හා රොසලින්’ නවකතාව ඔස්සේ දැක ගත හැක.
නිද:- පියදාස සිරිසේනයන් මවන ජයතිස්ස, කොන්ගොඩ වික්රමපාල ආදි චරිත වාදකාර ලක්ෂණ ඉස්මතු කරයි. ජයතිස්ස හා රොසලින් නවකතාවේ ජයතිස්ස වාදකාරයෙකි. යුගයේ වීරයෙක් වගේම අවසානයේ ජයග්‍රහණය ලබන්නෙකි. මෙහි දි අවධාරණය වන්නේ විදේශීය අභාසය සිංහල නවකතාව කෙරේ පතිත වූ ආකාරය යි.
පරාජිත චරිත සිංහල නවකතාවට ප්‍රවේශ වන්නේ 1956 න් පසුව ය. ‘ගෝර් ඔට් උමා’ නාට්‍යයේ ‘චැට්ස්කි’ නම් චරිතය උන්මකයෙකු ලෙස සැලකේ. මෙම ලක්ෂණය පරාජිත චරිතවල ඇත.
නිද :- ‘සිත නැති බඹ ලොව’ නවකතාවේ කතා නායකයා පරාජිත චරිතයකි.
පරාජිත චරිත සිංහල සාහිත්යයට ප්‍රවේශ වීමෙහිලා ආසන්නතම හේතුව විදේශීය බලපෑමයි.
- ජේම්ස් ඩොයිස්
- ආන්ද්රෙ ජින් වැනි ලේඛකයන්ගේ නවකතාවල අන්තර්ගත පරාජිත චරිතවල ආභාසය සිංහල නවකතාවේ ද චිත්රණය වී ඇත. ජපන් නවකතාවල ද මෙවැනි චරිත බහුල විය. එම ආභාසය ද සිංහල නවකතාවෙහි දක්නට ඇත.
නිද :- මළගිය ඇත්තෝ නවකතාවේ කතා නායකයා වන දෙවොන්දරා සං චරිතය
4.සිරි ගුණසිංහ
මොහුගේ ‘හෙවනැල්ල’ නවකතාව තුළ දිස් වන්නේ සංස්කෘතීන් 2 ක් අතරට මැදි වූ තරුණයෙකුගේ හැසිරීම ය. ප්‍රධාන චරිතය ‘ජිනදාස’ ය. මෙහි කේන්ද්රීය පුවත වන්නේ එක් පසෙකින් ගමත්, බුද්ධාගමත්, සම්ප්‍රාදායික අධ්යාපනික ක්‍රමයත්, අනෙක් පසෙකින් බටහිර බලපෑමත්, විශ්ව විද්යාලයීය අධ්යාපනයත් ගැටෙන අයුරු පෙන්වීම ය.
නිද :- ‘‘ජිනදාසගේ ගැමි සංස්කෘතිය වැළඳ ගත් මනසෙහි උද්දීපනය වන්නේ අම්මා, පන්සල, ලොකු හාමුදුරුවෝ, බුත්සරණ ආදීය යි. ඔහුගේ නාගරික බටහිර ආභාසය ලත් සංස්කෘතියෙන් උද්දීපනය වන්නේ විශ්ව විද්යාලය, බටහිර නවකතා, චිත්‍රපටි, මත්පැන් හා වෙනත් සංකීර්ණතාවන් ය.’’
නිද :-‘‘අම්මාගේ වචන ජිනදාසට කවදාවත් ලේසියෙන් අමතක නොවේ. ජිනදාසගේ එකම උපදේශකයා අම්මා ය. ඔහුගේ ජීවිතයේ අස්සක් මුල්ලක් නෑර ඇත්තේ ඇගේ සේයාව යි. ජිනදාසගේ සිතුම් පැතුම් අදහස් උදහස් ආදියට නිය පිටින් තට්ටු කළහොත් ඉන් නැගෙන්නේ අම්මාගේ කට හෙඬ් ප්රතිරාවය යි.’’
නිද :- විශ්ව විද්යාලයට බැදී අවුරුද්දක් පමණ ගත වූ නමුත් ජිනදාස විශ්ව විද්යාලයට කැමැත්තක් නොපෙන්වයි. ඔහු විශ්ව විද්යාලයට ඇතුළත් වුණේ කැමැත්තකින් නොවේ. ලොකු හාමුදුරුවන්ගේත්, අම්මාගේ උවමනාව නිසයි.
5.මඩවල එස් රත්නායක
අක්කර පහ නවකතාව. මෙහි කතා නායකයා ‘සේන’ නම් පිටිසර සමාන්‍ය පවුලක උපන්නෙකි. ගමේ පාසලේ ඉගෙනීම ලැබ පසුව මහනුවර විද්යාලයට ඇතුළු වේ. ගමේ දී තමා ලැබූ ගැමි සිරිත් විරිත් හා නාගරික සිරිත අතර විශාල පරතරයක් ඇති බව ඔහුට හැගේ.
ගැමි සිරිත් අතැර නාගරික සන්යත්වයට අනුව හැඩ ගැසීමට ඔහුට කරුණු කීපයක් බලපායි. දෙමාපියන් ඇසුරෙහි හික්මුණු ජීවිතයක් ගත කළ ඔහුගේ ගතිගුණ හා නාගරික සිරිත් ගැටේ.
ගැමි සිරිත් ඉවතලා නාගරික සිරිත් කරට ගැනීමට උත්සහ කරන ඔහුට තම මාපියන්ගේ දුප්පත්කම හරහට සිටියි.
මෙසේ ගැමි සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඈත් විය නොහැකි වීම නිසාත් නාගරික සභ්යත්වයට ඇතුළු වීමට අවශ්‍ය ශක්තිය නොලැබීම නිසාත් ඔහු අතරමං වූවෙකු බවට පත් වේ. ඉතා දක්ෂයෙකු වශයෙන් උගත් ඔහුගේ ඉගෙනීම කඩාකප්පල් වේ.
නිද :- ‘‘හැදි ගෑරුප්පුවලින් කෑම ගැනීමට ඔහුට පුරුද්දක් නොතිබීම නිසා රාත්‍රී ආහාරයට වාඩි වුණ සේනට තවත් කරදරයක් විය.’’
1.ඒ සයිමන් ද සිල්වා
අරාබි නිසොල්ලාසයේ අභාසය ගෙන පාඨක ඇස යොමු කරවා ගැනීමට වෙහෙසෙමින් අද්භූත කතාවක් ලිවීමේ ආශාව හා තාත්වික චරිතයක් අනාවරණය කිරීමේ ආශාව සයිමන් ද සිල්වා කතුවරයා තුළ තිබිණි. (මීනා*
2.සුමිත්‍රා රාහුබද්ධ
කන්දක් සේ මා
දුප්පත් ලාංකේය තරුණියක, වියපත් ජපන් දුප්පත් පුරුෂයෙකුට විවාහ කර දීම හේතු කොට ගෙන තරුණිය මුහුණ දෙන ජීවන ශෝකාන්තය නිරූපනය කරන අත්දැකීමක් මෙහි වස්තු විෂය වී ඇත.
ජපන් පුද්ගලයා - මසායා යොන්
ලාංකීය තරුණිය - නූපා
සිය සිතැගි එකිනෙකාට ප්‍රකාශ කළ නොහැකි ආගන්තුක වූ ස්ත්‍රීයක හා මැදිවිය ඉක්ම වූ පුරුෂයෙකු විවාහ ජීවිතයට මුහුණ දෙන අයුරු විදහා දක්වයි. දුප්පත්කම නිසා ජපන් වියපත් පුරුෂයාව විවාහ කර ගැනීමට කැමැති වෙයි. සැප පහසු ජීවිතයක් ගත කරන්නට හැකි වේවි යන සිතුවිල්ල මත විවාහ වෙයි. එහෙත් ආරම්භයේ සිට ම ගැටලූ වලට මුහුණ දීමට සිදු වේ.
නිද:- ‘‘මගේ ජපන් ජාතික පුරුෂයාට සිංහල බැහැ මට ජපන් බස බැහැ. භාෂාවෙන් නම් ආදරේ ප්‍රකාශ කර ගැනීමේ පුළුවන්කමක් අපි දෙන්නටම තිබුණේ නැහැ. ආදරය කරන්න වචනත් අවශ්යයි කියලා එදා තේරුම් ගත්තා. කතා නොකර ආදරය කරන්නේ කොහොම ද?’’
අවසානයේ නූපා ජපන් බස ඉගෙන ගැනීමට තීරණය කරනවා සුමිත්‍රා රාහුබද්ධ ලේබිකාව, ජපන් ජන ජීවිතය, සංස්කෘතිය හා බැදුණු සිරිත් විරිත් හා භූගෝලිය පසුබිම පිළිබඳ අධ්යයනක යෙදෙමින් මෙය රචනා කර ඇත.
සුර අසුර
1983 සිදු වූ කළු ජූලිය කේන්ද්‍ර කර ගත් ජාතිවාදි කලබල සිදු වු අවධියෙහිම පේ‍්‍රම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ වෛද්යවරියක් විවාහ කර ගත් සිංහල පරිපාලන නිලධාරියෙකු මුහුණ දෙන ජීවිත ශෝකාන්තය නිරූපනය කිරීමට උත්සහ කර ඇත.
බිරිඳ දෙමළ වාර්ගිකයෙකු වීම නිසා සුරනිමලට (සැමියා* මුහුණ දීමට සිදු වූ අර්බුද ද මෙහි දක්නට ඇත.
විවාහයේ දී
නිද :- ‘‘තමාට නුහුරු උඩරට සාරිය හැද මාල හතක් පැළඳ අතෙහි මල් දමක් ඇතිව විළිබරව තමා දෙස ම බලා සිටින තමාගේ ඡුායාරූපය දෙස ඕ කඳුළු පිරි දෙනෙතින් බලා සිටියා ය.’’
3.ගුණදාස අමරසේකර
‘යළි උපන්නෙමි’ නවකතාව අන්ද්රජිත් හා ඞී. එච්. ලෝරන්ස් ආදින්ගේ ආභාසයෙන් සංකලයෙන් රචිත නවකථාවකි. ‘ඔසමු දසයිගේ’ නවකතා දෙකකට ද මොහුගේ ‘යලි උපන්නෙමි හා හෙවනැල්ල නවකතා දෙක තුළ සමානකම් ද දක්නට ඇත.
නිද - ‘ඔසමු දසයිගේ’ නවකතා දෙකම චරිත කූලාචාර හා සදාචාර නීතී බැහැර කොට ජීවත් වෙයි. ගුණදාස අමරසේකරගේ නවකතා දෙක කථා නායකයෝ ද කූලාචාර හා කමාචාර බැහැර කොට ජීවත් වීමට උත්සහ කරන ආකාරය නිරූපනය කරයි.
ලෝරන්ස් තම නවකතාවල ලිංගික ආවේගය නිරූපනය කර ඇති අතර මොහු ද මනා අභාසයක් ලබා ගෙන රචනා කර ඇත.
නිද :- අමල්බිසෝ, දෙපා නොලද්දෝ
එදිරිවීර සරත්චන්ද්‍ර
මළගිය ඇත්තෝ නවකතාව පුරාවට ම අන්තර් සංස්කෘතිය දක්නට ඇත. මෙම නවකතාව යසුනාරි කවබතාගේ the snow Country, thousand cranes යන කථාවල වස්තු, චරිත ඇසුරෙන් නිර්මාණය කර ඇත. මෙය සිංහල ජපන් කතාවල අනුවාද හෝ අනුවර්තන හෝ නොවේ. ඒවා ස්වාධීන සිංහල රචනා වේ.
‘ඒමා බෝවරිගේ නවකතා වල අභාසය ද මෙම කතාවේ දක්නට ඇත. එමාගේ ‘‘ඇනා කැරණිනා’’ කොලරා කාලේ ආලේ කියන පොත්වල නිරූපිත ‘‘ක්ටෝනියානු පේ‍්‍රමය’’ මලගිය ඇත්තෝ නවකතාවේ ද ඉස්මතු වේ. ‘‘ක්ටෝනියානු පේ‍්‍රමය’’ (හිමි කර ගත් පේ‍්‍රමය නොවේ හිමි කර ගත් පසු අහිමි වන බව දන්නා නිසා හිමි කර නොගෙන දුරින් සිට විදින පේ‍්‍රමය වේ.*
· සරත්චන්ද්‍ර ජපන් භාෂාව යොදාගෙන ඇත.
නිද - කබුකි, මිදෝරි, අරිගතෝ කාව්යාත්මක බස් වහරකි.
·
ගැඹුරු සංංකේත යොදාගෙන ඇත.
·
අන්තර් සංස්කෘතිය විදහා දක්වයි.
දෙවොන්දරෝ සං මෙරට සිට ජපානයට පසු ඇති වූ හැගිම
‘‘ගිනි පෙට්ටිය තේ කෝප්පය වැනි තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකටම අපූරු හැඩයක් සහ විචිත්‍ර වර්ණයක් කවා සෞන්දර්යෙන් වට වී ජීවත් වීම ජපනුන් අගය කර පරමාර්ථයක් බව මට පෙණුනි.
‘‘යන්ත්‍රයේ උපකාරයෙන් කෙරෙන නිරස ජීවිතයට වුව ද ඔවුහු රසයක් ඇතුලත් කරති.
නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනළයෙකුගේ හැඩයකට බදින ලද ඇග බදනින් ද සැරසී අමුත්තන්ට සංග්‍රහ කරන ගේෂා ස්ත්‍රියකගේ ද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්යාසයක ලකුණු කැපී පෙනේ.’’
ප්‍රධාන චරිතය වන දෙවොන්දරෝ සං හා නොරිකෝ නැමැති ජපන් තරුණිය අතර සම්බන්ධය ඔවුන් හැදුණු වැඩුණු සංස්කෘතීන් එකිනෙකට නොගැලපීම උඩ තීරණය වන බව සරච්චන්ද්‍ර ඒත්තු ගන්වා ඇත.
වල්මත් වී හසරක් නොදිටිමි
ඉහළ මධ්යම පන්තියේ උපන් වික්ටර් බටහිර සිරිත් අනුව හැඩ ගැසුණෙකි. බටහිර සංස්කෘතියේ බාහිර අංග පමණක් උකහා ගෙන සිංහල සමාජයේ ජීවත් වෙයි.
උපාලි භාරතීය සංස්කෘතිය ඇසුරින් ජීවිතයේ සත්යය සෙවීමට උත්සහ කරයි. පහළ මධ්යම පංතියේ වැඩුණකි. විද්යාව හැදැරීමට එංගලන්තයට යයි. භාරතීය සංස්කෘතියෙන් නොලැබිය හැකි ශාන්තියක් ලැබෙයි කියලා හිතයි. බටහිර සමාජ රටාව තුළින් ජීවත් විය නොහැකි බව තේරුම් යයි. භාරතීය හා බටහිර සංස්කෘති දෙකම දුරස් වී ඇති බව හැගේ. ලංකාවට ආ පසු අධ්යාත්මික ශාන්තියක් ලැබීමට නොහැකිව වල්මත් වේ.
No comments:
Post a Comment