Tuesday, April 9, 2019

ජීවිත පෙරළිය



මගේ ජීවිතේ ගැන ඔයාලාටත් කියන්න  ඕනේ කියලා මට හිතුණා. ඒ ජීවිතේ මහා පුදුමාකාරයි. සමහරක් විට ඔයාලා හිතයි මම මහ පිස්සු කෙල්ලෙක් කියලා. එහෙම හිතුවත් වරදක් නෑ. මොකද මගේ යාලූවොත් මට එහෙම කියලා තියෙනවා. ඒ විතරක් නෙවේ. මටත් ඒක හිතිලා
තියෙනවා. ඉතින් ඔයාලාටත් එහෙම හිතෙන එක පුදුම දෙයක් නෙවේනේ.  මම දැන් ගෙවන්නේ මගේ සැදෑ සමය. මේ ලෝකෙන් යන්න කලින් මගේ ජීවිත යාත‍්‍රාව මං ඔයාලාට කියන්නම්. 
(බල්ලෙක් සහ පූසෙක් සෙල්ලම් කරන දසුනක් ඇස ගැටෙයි.*  හරියටම මගේ ජීවිතයේත් අන්න අර බල්ලායි පූසායි සෙල්ලම් කරනවා වගේ. හැබැයි ඊට
වඩා ටිකක් වෙනස්. මීට අවුරුදු 60කට වඩා එපිට මගේ ජීවිතේ පෙරළිකාර සිද්ධි ගණනාවක් සිදුවුණා. එතකොට මගේ වයස අවුරුදු 23 යි. මගේ අම්මා ඩොක්ටර් කෙනෙක්. තාත්තා ඇමැතිවරයෙක්. මගේ පවුලේ හිටියේ මං විතරයි. අම්මායි තාත්තායි ගොඩාක් වෙලාවට ගෙදර නැහැ. මං විශාල නිවසේ බොහෝ විට තනිව කාලය ගත කළා. මට ඒ ජීවිතේ තිත්ත වෙලා තිබුණේ. ඒ නිසා මම හැමදාම යාලූවෝ එක්ක එළියට ගිහින් විනෝද වුණා. ඒක තමා මගේ ජීවිතේ. මට මගේ ජීවිතේ අත්දැකීම්, දුක, සතුට බෙදා ගන්න අම්මාවත් තාත්තාවත් පැයකට හෝ මුණ ගැසී නැහැ. මොකද අම්මා හැම වෙලේම වගේ හොස්පිට්ල් එකේ. එතකොට තාත්තා  ඕන වේලාවක බැලූවොත් ඡුන්ද වැඩ හරි මොකක් හෝ  වැඩක්. මාත් එක්ක කතා කරන්න මගේ කියලා කවුරුත් මට හිටියේ නැහැ. මට මහා තනිකමක්, පාලූවක් දැණුනා. ජීවිතේ කියන්නේ මොකක් ද කියලා තේරුම් ගන්න බැරි වුණා. ජීවිතේ අර්ථයවත් වටහාගන්න බැර ිතරමට මට අසරණකමක් දැණුනා. අම්මා තාත්තා ළඟ ඉදලාත් එහෙම තනිකමක්... මගේ  ඕනෑම වැඩකට එයාලා  ඕන තරම් මට මුදල් වියදම් කළා. මං ඉල්ලන  ඕනම දෙයක් මට අරන් දුන්නා. මං හිතුවෙත් සල්ලි කියන්නේ ජීවිතේ කියලා. මං උසස් පෙළින් පසුව ගෙදර නැවතුණා. මං ගැන හොයලා බලන්නවත් එයාලට වේලාවක් තිබුණේ නැහැ. ඒක නිසා මට  ඕන  ඕන දේවල් මං කළා. මං කැමැති විදිහට ජීවත් වුණා. විවිධ විලාසිතා කළා. කැමැති  ඕනැම කෙනෙක් ආශ‍්‍රය කළා. මට තිබුණේ මහා පුදුම නිදහසක්. නයිට් ක්ලබ් ගිහින් ගෙදර එනකොට ? එකයි, දෙකයි. ඒ වෙලාවට අම්මලා නිදි.  මං ගෙදර එනකං බලන් ඉන්න එකම කෙනායි හිටියේ. ඒ ගෙදර වැඩ කරන සෝමා විතරයි. එයා තමයි, පොඞ්ඩකට හරි මං ගැන හොයලා බලලා මගේ වැඩ කරලා දුන්නේ. එයා මට ගොඩක් ආදරෙයි. මොකද පොඩි කාලේ ඉදලා මාව බලා ගත්තේ එයා නිසා.  එක දවසක් රාත‍්‍රීයක මගේ ජීවිතේ වටිනාම දේ මට අහිමි වුණා. මම නිවසේ පාටියක් සුදානම් කළා. ඒ පාටියට මගේ පෙම්වතාත් සමග සියලූම යාලූවන්ට මම ආරාධනා කළා. එදා නිවසේ කවුරුත්ම නෑ. සාදය අවසන් වී සියලූම දෙනා තම නිවස්වලට ගියත් මා තනිව සිටින නිසා මගේ පෙම්වතාත් මා සමග එදින නිවසේ නතර වීමට තීරණය කළා. ඔයාලාට මෙතනින් පසුව වුණ දේ අමුතුවෙන් කිව යුතු නැහැ. මගේ මෝඩකම නිසා හැම දේම මට නැති වුණා. පෙම්වතා කිව්වාට එයා මට නෙමේ ආදරය කරලා තියෙන්නේ. මගේ සල්ලිවලට. මාවත් අනාථ කරලා ගෙදර තිබුණු සල්ලියි, රත්තරන් බඩුයි සේරම අරන් ඌ ගෙදරින් පැනලා ගිහින්. මම උදේ ඇස් අරින විට සියල්ල වැහෙුණා.  ‘‘මොකක්ද මං මේ කර ගත්තේ... අනේ දෙවියනේ... මං කොහොමද දැන් ලෝකෙට මුහුණ
දෙන්නේ...’’
මට කිසිවක් කර කියා ගන්නවත් හිතා ගන්නවත් බැර ි තරමට ම අසරණකමක් දැණුනා. මේ කිසිවක් අම්මාටවත් තාත්තාටවත් කියන්නත් බැහැ. එයාලාට කිව්වොත් මාව ගෙදරින් ම එළවන බව මම දන්නවා. එයාලාගේ තනතුරුවලටත් විශාල නිග‍්‍රහයක්. ඒක නිසා කවුරුත් මෙය දැන ගන්න කලින් කිසිවක් කළ යුතු බවට මම තීරණය කළා. මම ගොඩක් වෙලා කල්පනා කළා. පසුව මගේ කල්පනාවට ආවේ එකම එක මිතුරියයි. ඇය මගේ ජීවිතේ හමුවුණු හොඳම මිතුරිය වුණා. ඇය නමින් අයේෂා ය.  පළමු වසරේ සිටම අඹ යාළුවෝ මෙන්, ගහට පොත්ත මෙන් සිටි අප දෙදෙනා සාමාන්‍ය පෙළින් පසුව වෙන් වුණා. ඇය නැවත ඇගේ ගමට ගියා. මමත් තනි වුණා. මගේ ජීවිතේ බෙදා ගන්න හිටපු හොඳම මිතුරියත් මාව තනි කරලා ගියා. දැන් මගේ පිහිටට ඉන්නෙත් ඇය විතරයි. ඒ නිසා ඇයව සොයා ගෙන යාපනයට යන්න මම තීරණය කළා.  පසුවදා උදෑසන මම ලියුමක් ලියා නිවසින් පිට වුණා. නැවත මා සොයන්නට දෙමව්පියන්ට වෙහෙස නොවන ලෙසට ද අවසානයේ මා දන්වා සිටියා. උදෑසන කෝච්චියේ පිටත් වූ මා යාපනයට යන විට බෝහෝ ? බෝ වී තිබුණා. එම නිසා අවන්හලක නතර වීමට තීරණය කර පසුවදා උදෑසනම මිතුරිය සොයා යාමට මා එම අවන්හලෙන් පිටත් වුණා. කොළඹ මෙන් නොවන එහි පරිසරය වෙනස් ය. විශාල තදබදයක් එහි නැත. බහුතරයක් දෙමළ මිනිසුන්ගෙන් ගහණ වූ යාපනය ප‍්‍රදේශය මාගේ සිත දැඩිව ඇද බැඳ ගන්නට විය. එහි වෙසෙන මට හමු වූ මිනිසුන් ද අවංකවම මට උපකාර කරන බව මට වැටහුණි.   ‘‘යෙන්න නෝනා මම කියන්නම් පාර...’’  මේ අයුරින් ඉතා නිහතමානි ලෙස මට මගේ මිතුරියගේ නිවස සොයා ගැනීමට ද උදව් ලැබුණි. වාසනාවකට මෙන් පමා නොවී මට අයේෂාගේ නිවස සොයා ගැනීමට හැකි විය. ‘‘ගෙදර කවුද?... ගෙදර කවුද?...’’  දොරට තට්ටු කරන අතරතුර මම විමසීමි.  ‘‘කවුද... පොඞ්ඩක් ඉන්න...’’  නිවස තුළින් මට හඬක් ඇසිණි. දොර විවෘත විය.  ‘‘දෙයියනේ ටානියා.... ඔයා මෙහේ...’’ අයේෂාට මා දුටු විගසම අදහා ගන්නට බැරි විය. ඇය කියා නිම කළ නොහැකි සතුටකින් පිරී ඉතිරී
ගිය බව මා ඇගේ මුහුණින් දුටිමි.   ‘‘එන්න... එන්න... යමු ඇතුලට...’’  ‘‘අනේ මට ගොඩාක් සතුටයු ි. අවුරුදු කීයකින් ද අපි මේ මුණගැහැන්නේ’’  ‘‘අම්මා මේ බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා...’’ අයේෂා තම මවට පැවැසීය.
‘‘ආනේ...ටානියා දුව... කොහොමද ඉතින්, ගොඩ කාලෙකින් නේ...’’ ‘‘හ්ම්... ඒකනේ ආන්ටි.. මට මෙහෙ ටිකක් නැවතිලා ඉන්න එන්න හිතුණා...’’  ‘‘අයියෝ මේ මොනා කියනවා ද?.. දුවට කැමැති කාලයක් මෙහෙ ඉන්න පුළුවන්... මායි අයේෂායි විතරයි නේ ඉන්නෙත් එයාගේ අප්පා ඇක්සිඩන්ඞ් එකකින් නැති වෙලා දැන් අවුරුදු 2ක් වෙනවා. අයේෂාගේ මව දුක්බර මුහණු ින් පැවැසීය.  ‘‘ආනේ... අයේෂා මම එහෙම එකක් දන්නේවත් නැනේ... මම දන්නවා නම් එනවා නේ...’’  ‘‘ඔයාට කියන්න තියා මම මොනාද කරන්නේ කියලා හිතා ගන්න බැරුවයි හිටියේ ටානියා..’’ ‘‘ඉන්නකෝ මම කෙලින්ම දවල් කෑම ලෑස්ති කරන්නම්... දැන් බඩගිනිත් ඇති නේ... අයේෂා ටානියාට කාමරයක් ලෑස්ත ි කරලා දෙන්න...’’ ‘‘එපා අම්මා එයා මගේ කාමරේම ඉදියි....’’
‘‘හා... හා... දැන් මෙයාටත් හොඳයි. ඉතින්, යාළුවා කාලෙකින් ආව නිසා කථා කරන්නත් දේවල් ඇති නේ...’’ කියමින් අයේෂාගේ මව කුස්සියට ගියාය. ‘‘ටානියා ඔයාට මහන්සිත් ඇතිනේ. ඔයා දැන් වොෂ් එකක් දාන් එන්නකෝ අපි කලා හෙමීට කථා කරමු...’’
‘‘ආ... හරි අයේෂා එහෙනම් මම නාලම එන්නම්.’’ 
  ‘‘අම්මෝ අයේෂාගේ අම්මගේ කෑම නම් හරිම රසයි... මං බත් ගොඩාක් කෑවා..’’ ‘‘ඔයාට මතක ද ඉස්සර ඔයාලගේ අම්මා හදලා එවන ලඞ්ඩු එහෙම මං ගොඩක් කනවා....’’ ‘‘අම්මේ ඔව් ඔව් පෙරේති වගේ කනවා මට මතකයි...’’ අයේෂා ද සිනාසෙමින් පැවසීය  ‘‘අයේෂා ඒක නෙමෙයි... මට ලොකු කරදරයක් වුණා... ප්ලීස්... මට උදව් කරන්න... ඔයා විතරයි මට දුකේදීත්, සැපේදීත් හිටිය හොඳම යාළුවා... ඔයා වගේ යාළුවෙක් මගේ ජීවිත කාලයටවත් හම්බවෙලා නෑ...’’
‘‘ඇයි ටානියා මොකද වුණේ...? අඬන්න එපා... කියන්න කෙල්ලේ... මං  ඕන උදව්වක් කරනවා
ඔයාට... කියන්න මොකද වුණේ...
(මා විසින් මුහුණ දුන් සියල්ලම අයේෂාට පැහැදිලි කියන්නට විය.* අයේෂාගේ ඇස් නොදැනුවත්ම කඳුළුවලින් පිරිණි.  ‘‘ටානියා ඔයා අඬන්නවත් දුක් වෙන්නවත් එපා... ඔයාට අපි ඉන්නවා... දැන් ඉතින් වුණ දේ වුණා. ඒත් ජීවිතේ කියන්නේ අභියෝග ගොඩක්. අපි ඒවාට මුහුණ දෙන්න  ඕන... ඒකයි ජීවත් වෙනවා කියන්නේ. මට ගොඩක් සතුටුයි ඔයා මෙහේ ආව එකට. මෙහෙ මිනිස්සු ඔයාට මුකුත්ම කියන් නෑ. බය වෙන්න එපා...’’  ‘‘හ්ම්... ඔව් අයේෂා ඔයා දන්නවානේ මගේ පවුල් පසුබිම... අම්මා තාත්තා හිටියට එයාලා නෑ වගේ... මං තනි වෙලා... මට මේවා ගැන කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. දැන් ඉතින් මගේ ජීවිතේ මම වරද්දගෙන ඉවරයි...
‘‘නෑ... නෑ... ටානියා ඔයා එහෙම හිතන්නවත් එපා... ඔයාට මම ඉන්නවා... ඔයාට පුළුවන් අනාගත ජීවිතේ සාර්ථක කර ගන්න... ඔයා බය වෙන්න එපා...’’ අයේෂා මට පැවැසීය.  අයේෂා... මට රස්සාවක් කරන්න  ඕනේ... ප්ලීස් මට රස්සාවක් හොයලා දෙන්න...’’ ‘‘මම වැඩ කරන ගාමන්ට් එකේ මැඩම්ගෙන් මම අහන්නම්... ටානියා ඔයා ඩිසයිනින් සයිඞ් එකට කොහොමත් කැමැතිනේ...  ‘‘ආ ඔව්... ඔව්... හරි... ඔයා අහලා බලන්නකෝ...’’
(මාස කිහිපයකින් පසුව*
 
‘‘අයේෂා මේ සල්වාර් එක මට ලස්සන ද? මම කැමති මේ විදිහට අදින්න.. අද මම මොට්ටුවකුත්
තියනවා...’’ ‘‘ආනේ ටානියා ඔයා අද හරි ලස්සනය... දැන් නම් හරියට ටැමිල් ගර්ල් කෙනෙක් වගේමයි...’’
(දෙදෙනාම සිනාසෙයි*
‘‘ළමයිනේ වැඩට යන්න පරක්කු වෙනවනේ... ඉක්මනට ලෑස්ති වෙලා එන්න... නැත්නම් බස් එක අල්ල ගන්න වෙන් නෑ... මෙන්න දෙන්නාටම බත් දෙක බැඳලා මේසේ උඩ...’’  ’‘හරි අම්මා මේ එනවා...’’ අයේෂා පැවැසීය.  ‘‘අයේෂා අන්න බස් එක එනවා... ඉක්මනට එන්න...’’  ‘‘එනවා ටානියා...’’
‘‘අයේෂා ඒක නෙමේ. මං ආසයි කෝවිල් යන්න මම ටිකක් දන්නවානේ ඔයාලාගේ ආගම ගැන අපි යමු ද අද හවසට කෝවිල්...’’ ‘‘ආ... හා... මේ මොකද එක පාරට... හර හරි අද හවසට යමුකෝ...’’ අයේෂා සිනාසෙමින් පැවැසීය.  ‘‘ටානියා... ආ... මෙන්න මේක අඳින්න අද කෝවිල් යන්න... අලූත්ම කාංචිවරම් සාරි එකක් මට
තෑගී ලැබුණු එකක්...’’   ‘‘අනේ අයේෂා මේ තියෙන්නේ... මං මට තියෙන එකක් අදින්නම්... ‘‘නෑ... නෑ... ඔයා මේක අදින්නකෝ... අපි සහෝදරීයෝ වගෙනේ දැන්... ඔයාට මේක ලස්සනට
තියෙයි ඇන්දම... ආ... මේ මල් වැලත් දා ගන්න...’’ ‘‘හා... හරි...’’
‘‘අඬේ අප්පා... අද ටානියා දුව හරි ලස්සනයි... චෙල්ල කුට්ටි...’’ අයේෂාගේ මව සතුටින් පැවැසුවාය. ‘‘අපි සුබ‍්‍රමනියම් මාමාගේ වීල් එකේ යමු. එයා හරි හොඳයි... අපි එයා එක්ක තමා ගමන්බිමන් ගොඩක් වෙලාවට යන්නේ...’’ ‘‘හරි අයේෂා... දැන් අපි යමු නේද...? හතරටත් කිට්ටුයි නේ... ඉක්මනට එන්නත්  ඕනනේ...’’
(කෝවිල් ගොස් එන අතරතුර*
‘‘ ඕක්...  ඕක්... අයේෂා, අනේ මට අමාරුයි වගේ ටිකක්..’’ ’‘ටානියා මොකද මේ...? අද ඔයා මොනවා හරි කෑවා ද...?’’   ‘‘නෑ අයේෂා... මුකුත් කැවේ නෑනේ මං...’’ ‘‘මෙහෙම බලන් ඉඳලා බෑනේ. අපි සුබ‍්‍රමනියම් මාමාගේ වීල් එකේම ඩොක්ටර් ළඟට ගිහින්ම යමු. එන්නකෝ...  ‘‘ ඕන නෑ අයේෂා... මේ නිකන් වෙන්න ඇති..’’ ‘‘නෑ... නෑ... ටානියා අපි කොයි එකටත් යන ගමන් ඩොක්ටර්ව මිට් වෙලාම යමු...’’ ‘‘ඩොක්ටර් මේ ටානියා... මගේ යාලූවෙක් එක පාරටම වමනේට වගේ ආවා...’’ ‘‘ම්... ම්... කෝ බලන්න... දිව දික් කරන්න...’’
‘‘කලබල වෙන්න කාරණාවක් නම් නෙවෙයි. ඔයාගේ යාලූවා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...’’ ‘‘මොනවා...’’ මම හිදගෙන සිටි තැනින් එක පාරටම නැගිට්ටෙමි. පසුව අයේෂාත් රැුගෙන ඉන් පිටතට එන අතරේම ඇඬෙන්නට විය.
ටානියා අ`ඩන්න එපා... හති හදා ගන්න..’’  ‘‘අනේ අයේෂා... මොනාද මේ මට වුණේ... දෙයියනේ... මම කොහොම ද? දැන් ලෝකෙට මුහුණ දෙන්නේ...’’
‘‘ටානියා සමාජයේ ඉන්න මිනිස්සුන්ට මොනා කියන්න බැරි ද? මොනා හිතන්න බැරි ද? හැමෝගේම ජීවිතවලට එක එක කරදර, අභියෝග එනවා... ඔයා ඔය ලෝකයා කියන ඒවා මුකුත්
ගණන් ගන්න එපා... එහෙම වුණොත් අපට ජීවත් වෙන්න බැරි වෙනවා...’’ ‘‘අනේ අයේෂා ඔයාලගේ අම්මට මම කොහොමද මුහුණ දෙන්නේ... මං මහා ජරා කෙල්ලෙක් කියලා හිතයි.’’
‘‘නෑ... ටානියා නෑ... කවදාවත් එහෙම හිතන් නෑ... ඔයා බය නැතුව ඉන්න... මම අම්මාට හැම දේම තේරුම් කරන්නම් එයා ඔයාට උදව් කරයි... අපි ඔයාගේ කුසේ ඉන්න දරුවාව හදා ගමු... එයාව මේ රටේ හොඳ තැනකට අරන් එමු... ඔයාට අපි ඉන්නවා ටානියා...’’මෙසේ කියමින් අයේෂා මා දිරිමත් කළාය. ඇගේ මේ වදන් තවමත් මගේ සිතේ රැුව්පිළි රැුව් දෙයි.
‘‘ඔයා මට ලොකු හයියක් අයේෂා... මම ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ යාලූවෙක් ලබන්න.
ඔයාට ගොඩක් පින්. දැන් තමා ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ... ඔව් මම කොහොම හරි මේ දරුවත් හදාගෙන ජීවත් වෙනවා... මගේ දරුවට හොඳට උගන්වලා ලොකු මහත්තයෙක් කරනවා...’’  ‘‘ඔව් ටානියා ඔයාට පුළුවන්...’’ 
 
(මාස දහයකින් පසුව* ‘‘අනේ ... හරු තල් කොලූ පැංචෙක් නේ...’’ අයේෂාගේ මව මාගේ අලූත උපන් දරුවා සියතට රැුගෙන පැවැසීය.  ‘‘ඔව් ටානියා පුතා නම් ඔයා වගේමයි... අයේෂා ද මවගේ කීමට එකඟ විය.
(මා මද සිනාවක් පෑවෙමි.*
’‘ටානියා ඔයා පොඞ්ඩක්වත් බය වෙන්න එපා... සේරම හොඳින් සිද්ධ වෙයි... දැන් දරුවාත් කරදරයක් නැතිව ලැබුණානේ... හෙට ඔයාගේ ටිකට් කපයි...’’ ’‘අපි දැන් අපේ පුංචි පුතාට දාන නම මොකක් ද?... අයේෂා පැවැසීය.
’‘මගේ පුතාට නමක් අයේෂාගේ අම්මට දාන්න කියමු... එයා මාව මේ වෙනකං බලා ගත්තු විදිහට මට මේ ආත්මෙට ඒ ණය ගෙවලා ඉවර කරන්න බැර ි වෙයි...’’
’‘අනේ දුවේ... මොනාද මේ කියන්නේ... හරි අපි එහෙනම් ‘‘මහේන්ද්‍ර’’ කියලා නම දාමු  ‘‘ෂා... ඒ නම හොඳයි...’’ අයේෂා පැවැසීය. ‘‘ආ... ඔව් මාත් ගොඩක් කැමැතියි... මං හිතන් හිටියා වගේම නමක් අයේෂගේ අම්මා කිව්වා...’’  මම ද මගේ නම ’රාධා’ යනුවෙන් වෙනස් කර ගතිමි. එතැන් පටන් මම ද ටානියා නොව ‘රාධා’ විය. සතියකට තෙවරක් මගේ දරුවාත් රැුගෙන කෝවිල් යෑමට මම අමතක නොකළෙමි. මගේ දරුවාත් ඒ සිරිත් විරිත් සියල්ලට හැඩ ගැසෙන්නට විය.  මා රැුකියාවට ගොස ් ඉතිරි කර ගත් මුදල්වලින් මහන මැෂින් දෙකක් රැුගෙන අයේෂා සමග හවුලේ ඇඳුම් මසා කඩවලට දැමීමට තීරණය කළෙමි. අපේ මේ ව්‍යාපාරය දියුණු කර ගන්නට ද සුබ‍්‍රමනියම් මාමා විශාල උපකාරයක් විය ‘‘අයේෂා අපිට තව මැෂින් දෙකක් විතර ගන්න වෙනවා... ඒත් එක්කම තව මහන්න පුළුවන් ළමයි දෙන්නෙකුත් ගත්තා නම් වැඬේ කරන් යන්න ලේසීයි... මොකද දැන් පුතාවත් ඉස්කෝලේ දාන්නයි අරන් එන්නයි ගියාම එතනටම කාලේ ඉවරයි නේ... තව ටික දවසක් ගිහින් ස්කූල් වෑන් එකකට දාමු..’’ මා මෙසේ පවසන විට අයේෂාගේ මව ද එතනට පැමිණෙන්නට විය.  ‘‘අන්න හරි... එහෙම තමයි ඉන්න  ඕනෑ... එතකොට තමයි දියුණු වෙන්න පුළුවන්...’’ ‘‘හරි රාධා එහෙනම් අපි හෙටම මැෂින් බලන්න යමු..’’ අයේෂා පැවැසීය. ‘‘කොහොමද දුවේ පුතා ඉස්කෝලේ වැඩ එහෙම හොඳට කරනවා ද? ටීචර් මොකද කියන්නේ...’’ අයේෂාගේ මව මගෙන් අසන්නට විය.
ආ... ඔව්.. ඔව්.. මේ ළඟදිත් තෛයිපොංගල් උත්සවය ගැන රචනාවක් ලියන්න දීලා හොඳට ලියලා
තිබුණා... එයා දැන් ඒවා ගැන හොඳට දන්නවා නේ...’’
‘‘ආ එහෙනම් හොඳයිනේ.. රාධාට කරදර වෙන්න දෙයක් නෑ පුතා ගැන..’’ අයේෂා ද පැවැසීය  ඔව්.. ඔව්.. ඒත් ඉතින් හැම තිස්සේම හොයලා බලන්න  ඕනේ. මට මගේ ජීවිතේට වුණු දේවල් මගේ දරුවට වෙන්න දෙන්නේ නෑ.. මට දැන් තමයි ජීවිතේ කියන්නේ මොකකද් කියලා තේරෙන්නේ..’’
  ‘‘අම්මා... අම්මා... මං ඒ ලෙවල්වලින් ඉහළින්ම පාස් වෙලා මේ බලන්නකෝ...
‘‘අනේ දෙවියනේ... මගේ පුතාට දෙවි පිහිටයි... කවදාවත් මගේ පුතාට වරදින් නෑ... ආච්චිටත් ගිහින් කියලා එන්න...’’
‘‘මගේ පුතා ලොකු මහත්තයෙක් වගේම, හොඳ මහත්තයෙක් වෙන්න  ඕන...’’ අයේෂාගේ මව මහේන්ද්‍රට ආශිර්වාද කරන අතරතුර පැවැසීය.
‘‘නෝනා... නොන් ා ...’’  ‘‘කවුද...?  මා විමසන අතරතුර සාලයට ගියෙමි.  නෝනා... මේ අයේෂා නෝනගේ ගේ අහගෙන කවුද වයසක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි වාහනෙක ඇවිත්... මම මෙහාට අරගෙන ආවා...’’ ‘‘ආ හරි බොහොම ස්තූතියි...’’  ‘‘අම්මා... තාත්තා...’’ මම පුදුමයට පත් වීමි.  ‘‘මගේ දුවේ... මට සමාවෙන්න. මයේ දුවේ... අපි හැම දේම දන්නවා. මේ සේරම අපේ වැරදි නිසා’’ ‘‘නෑ අම්මා... නෑ... දැන් හැම දේම වෙලා ඉවරයි... මේ සේරම වුණේ හොඳට කියලා හිත හදා
ගන්න... මං ජීවිතේ කියන්නේ මොකක්ද කියලා දැන් හොඳට තේරුම් අරන් ඉන්නේ...’’ ‘‘මට සමා වෙන්න. මගේ දුවේ...’’  ‘‘තාත්තා අඬන්න එපා... මං මෙහේ හොඳට ඉන්නවා නේ ...’’  ‘‘ඔයා දැන් ගොඩක් වෙනස් වෙලා මගේ දුවේ... මට ගොඩක් සතුටුයි...’’  මගේ මව පවසන විට මගේ සිතට ද සතුටක් මෙන්ම සැනසීමක් ද ගෙන දෙන්නට විය ‘‘රාධා  කවුද ආවේ...’’ කියමින් අයේෂාගේ මව නිවසින් පැමිණියා ය. ‘‘රාධා ..ෟෟ ඒ කියන්නේ ටානියා දැන් රාධා වෙලා ද...? මගේ මව විමසුවාය.  ‘‘ඔව් අම්මා...  මං මෙහාට ආවට පස්සේ හැම දේම වෙනස් වුණා... මගේ මුරණ්ඩුකම් මං අඳින පළඳින විදිහ මේ හැම දේම... මම ජීවිතේ අලූතින් පටන් ගත්තා... මං දැන් මේ විදහට හැඩ ගැහිලා ඉන්නේ...’’ ‘‘මං දුවට මොනවා කියන්න ද...? දුවගේ කැමැත්තක් දුව සතුටින් ඉන්නවා නම් එච්චරයි...’’ අම්මා... තාත්තා... ඔයාලා දැන් ආච්චිලා සීයලා වෙලා... ටිකක් ඉන්නකෝ...’’ ‘‘පුතා... පුතා... මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා?’’ මා මහේන්ද්‍රට කථා කළෙමි.  ‘‘ඇයි අම්මා...  කවුද ආවේ ...’’ ‘‘පුතා මේ ඉන්නේ ඔයාගේ ආච්චියි සීයයි ඒ කියන්නේ මගේ අම්මයි තාත්තායි...’’ (ආච්චි සීයා කියමින් මහේන්ද්‍ර දෙදෙනාගේම ආශිර්වාදය ලබා ගත්තේය*  ‘‘දෙවියනේ... අපේ මුණුබුරා කොච්චර ලොකු ද දැන්...’’  කියමින් මගේ මවත් පියාත් මහේන්ද්‍රව වැලද ගත්තේ හද පිරි සතුටකිනි.  එදින රාත‍්‍රියේ පෙර නොවූ විරූ ලෙස මහා වර්ෂාවක් ද ඇද හැලිනි. මගේ සිතටත් විශාල සතුටක්
ගෙන දුන් දවසක් විය. නව දිවියක් නව බලාපොරොත්තු සමග එදින පටන් සියල්ල මේ වන තෙක් හොඳින් සිදු විය.
 
‘‘අම්මා...  අම්මා... මොකද කරන්නේ...?
‘‘ආහ්... මම මේ පොඩි වැඩක් කරන ගමන් හිටියේ පුතේ ඇයි...’’ ‘‘අම්මාට කියන්න සුභ ආරංචි දෙකක්ම තියෙනවා...’’  ‘‘එහෙම ද කියන්නකෝ බලන්න...’’  ‘‘පළවෙනි එක තමා මට කුවෙට්වලින් ලොකු ඇඳුම්  ඕඩරයක් ඇවිත් තියෙනවා... අම්මා මට උදව් කරනවා නේද...? අම්මාගේ ආශිර්වාදය නැතුව මට මේ මුකුත් කරන්න බැහැ...’’ ‘‘මොනාද පුතේ මේ කියන්නේ මගේ ජීවිතේ එකම වස්තුව මගේ පුතාට උදව් නොකර කාට උදව් කරන්න ද...? ආ හරි දෙවනි සුභ ආරංචිය කියන්නකෝ එහෙනම්’’  දෙවනි එක තමයි අම්මා දැන්...  ආච්චි කෙනෙක් වෙන්නයි යන්නේ...’’
‘‘අනේ මේ ඇත්තම ද...? කෝ මගේ  දුව මං එයාට ආශිර්වාද කරන්න  ඕනේ...’’  ‘‘එයා අම්මට රස කෑමක් හදනවා...  ‘‘අනේ දෙවියනේ මගේ තිබුණු එකම හිනෙත් ඔබ ඉෂ්ට කළා ස්තූති වේවා...’’  ‘‘අද අපි හැමෝම හවසට කෝවිල් යමු මම කජෙවාණිටත් කිව්වා...’’  ‘‘ඔව් පුතේ එහෙම හොඳයි...’’  නිමි.
 




  

 


     

No comments:

Post a Comment