සිතෙහි
ඇති දෙගිඩියාව
සීතල
වී ගෙන එන සිරුර
දමන
සිහින් දහදිය
අඳුරු
වී ගෙන දෑස්
උපතේ
සිට මේ වන තෙක්
සිතින්
කයින් කල
සියලූ
පාප
සිහියට
නැගේ
පාපය
සිදු කරන්නට පෙර
එය
පාපයක් බැව්
මන්ද
නොහිතුනි මා හට
දැන්
කනසලූ වේ
මෙලොවින්
යාමට පෙර
ගෙන
යන්නේ
කුසලාකුසල
පමණකි බැව්
වැටහුණි ප්‍රමාද වී
මා හට
කල
සියලූ පාපයන්ට
බියෙන්
සුදානම් වෙමින්
සමුගනිම්
මෙලොවින් මම්
අතැර
ලෞකික සියල්
No comments:
Post a Comment