ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රූපය වෙත පැමිණ, වත් පිළිවෙත් කොට යාච්ඤා කිරීම ධීවරයාගේ දෛනික ජීවිතයේ ප්‍රධානතම මෙන්ම මූලික කාරණය වේ. මෙහිදි අලූයම අවදිව පිරිසිදු වී එම වතාවත් කොට ඉතා බැගෑපත් ලෙස තමාත්, තමන් සමඟ රැකියාවට යන සියලූ දෙනාත්, බෝට්ටුව හෝ ඔරුවත්, බිරිඳ සහ දරුවන් සියලූ දෙනාත්, නිවසත් ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටී. එසේම විශාල මසුන් ප්‍රමාණයක් අල්ලාගැනීමට උපකාරී වන ලෙසත්, ඒ සඳහා තිබෙන බාධක ඉවත් කර දෙන ලෙසත්, ක්‍රිස්තුස් වහන්සේ ඇදහීම තුළින් කතෝලික ධීවර කාර්මිකයෝ බලාපොරොත්තු වෙති.
සින්ධාත්රී දේව මෑණියන් ධීවර කටයුතුවලට ප්‍රධානියා ලෙස කතෝලික ධීවර කාර්මිකයන් විසින් අදහනු ලැබේ. ඇයට පුද පුජා පවත්වා ධීවර කටයුතුවල අභිවෘද්ධිය සහ එම කර්මාන්තය හා බැදුණු සියල්ල සාර්ථක ලෙස ඉටුකර දෙන ලෙස ද ඔවුහු මෙම ඇදහීම තුළින් බලාපොරොත්තු වෙති. ශාන්ත අන්තෝනි මුනිතුමා ව්‍යාපාර කටයුතුවලට අධිපතියා ලෙස එම ආගම හඳුන්වා දී තිබීම නිස කතෝලික ධීවර කාර්මිකයන් එම මුනිඳු තුමන් ඇදහීම කරති. බේරුවල බණ්ඩරවත්තේ පිහිටි ශුද්ධ වු ලාසරස් මුනිතුමාගේ රූපය සහිත දේවස්ථානය විශේෂත්වයක් උසුලන බවට ධීවරයෝ සිය විශ්වාසය පල කරති. එම මුනිතුමා ලෙඩ රෝග සියල්ල මර්ධනය කිරීමේ විශේෂ හැකියාවකින් යුතු උතුමකු ලෙස ද විශ්වාස කරති. ඒ නිසා ධීවරයන් තමනට වැළදෙන ලෙඩ රෝග තමන්ගේ ප්‍රදේශයෙහි මෙම දේවස්ථානයේ හා මෙම මුනිතුමාගේ අනුහසින් දුරු කර ගත හැකි යැයි විශ්වාස කරති.
මෙම මුනිතුමා ලෙඩ රෝග මර්ධනය කිරීම සඳහා ප්‍රසිද්ධ වුවත්, ධීවර කටයුතු සිදු කරන නුදුරෙහි සිද්ධස්ථානය පිහිටා තිබෙන බැවින්, ධීවර කාර්මිකයෝ එම මුනිතුමාගෙන් සිය ආරක්ෂාව ඉල්ලා සිටීම පාරම්පරික විශ්වාසයක් ලෙස පෙන්වා දිය හැකි ය.තමන් රැුකියාව සඳහා පිටත් වූ පසු උපද්‍රවයකින් තොරව විශාල මත්ස්‍ය සම්පතක් නෙලා ගත්තේ නම් එය වෙළඳාම් කොට දේවස්ථානය වෙත ගොස් ශ්රැති පුජාවක් පවත්වා දේවාර්ශිවාදය ලබා ගත යුතු යැයි විශ්වාස කරති.
එම ශ්රැති පුජාව හා ස්තූති පුජාව තෝරා ගත් ආගමික අංශයන් හි නායකයන් වෙත පැවැත්විය යුතු යැයි විශ්වාස කරනු ලැබේ. ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේ, සින්ධාත්රී දේව මෑණියන්, ශාන්ත අන්තෝනි මුනිතුමා සහ ලාසරස් මුනිතුමා ප්‍රධාන වේ. මෙම උතුමන් වෙත එම පුජාවන් පැවැත්වීම තුළින් නොඅඩුව තම ව්‍යාපාරයේ අභිවෘද්ධිය ළඟා වෙතැයි දැඩි සේ විශ්වාස කරති. වර්ෂයක් පසා පල්ලියේ පවත්වනු ලබන මංගල්‍යයට තමන් උපයන මුදලින් දෛනිකව සුළු මුදලක් වෙන් කිරීම කළ යුතු යැයි විශ්වාස කරති.
වර්ෂයක් පසා උත්කර්ශවත් ලෙස පවත්වනු ලබන පල්ලියේ මංගල්‍යයට අනිවාර්යෙන් සහභාගී විය යුතු යැයි ධීවර කාර්මිකයන් විසින් විශ්වාස කරනු ලැබේ. එම මංගල්‍යය සඳහා සිය සේවකයන්ගේ සහය සහ සහභාගීත්වය අනිවාර්යයෙන් ම ලබා දීම පිණිස යාත්‍රා හිමියෝ එදින නිවාඩු දිනයක් ලෙස නම් කළ යුතු යැයි විශ්වාස කරති. එම මංගල්‍යයට සහභාගී වන්නා සේම එදිනට පුජකවරයා ලවා තමනට, සිය පවුලට හා රැුකියාවට ආශිර්වාද කරවා ගත යුතු යැයි ඔවුන් තුළ විශ්වාසයක් පවති. සෑම ඉරිදා හා බදාදා දිනකම පවත්වන පුජාව සඳහා සහභාගි විය යුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. සිය වෘත්තිය සඳහා පිටත්ව යෑමේදී කිතුණු ධීවර කාර්මිකයෝ යාත්‍රාවේ ඉදිරිපස දේවස්ථානය වෙත හරවා දේවාශිර්වාදය මහ සයුරේ සිට ලබා ගත යුතු යැයි විශ්වාස කරති. තමන් වෙනත් යාත්‍රා හිමියෙකුගෙන් යාත්‍රාවක් මිලදී ගත්තේ නම් පියතුමා යාත්‍රාව වෙත කැඳවා ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු දියත් කළ යුතු යැයි යාත්‍රා හිමියෝ දැඩි සේ විශ්වාස කරති. ආශිර්වාදය ලබා ගැනීම සහ ආසිරි පැන් ඉසීම විශේෂයෙන් වෙරළේ දී හෝ යාත්‍රාව තිබෙන ස්ථානයක දී පියතුමාගේ සුරතින් ම සිදු කර ගැනීම විපුල ප්‍රයෝජන ලැබීමට හේතු වෙතැයි ඔවුහු විශ්වාස කරති.
නව යාත්‍රාවක් මිල දී ගත්තේ නම් දේවස්ථානය වෙත ගොස් ස්තුති පුජා පැවැත්වීම ද, පියතුමා ලවා විශේෂ පුජාවන් පැවැත්වීම ද, එහි ආරක්ෂාව හා පැවැත්මට සිදු කළ යුතු යැයි ධීවර යාත්‍රා හිමියෝ විශ්වාස කරති. රැුකියාව සඳහා පිටත්ව ගිය පසු මහ සයුරෙහි අතරමං වීමක් හෝ වෙනත් උපද්‍රවයකට මුහුණ පැවේ නම් ඔහුගේ බිරිඳ, ¥ දරුවන්, ඥාතීන් හා හිතවතුන් විසින් දේවස්ථානය වෙත පැමිණ යාච්ඤා කිරීම සිදු කළ යුතු යැයි තරයේ විශ්වාස කරනු ලැබේ.
එම යාච්ඤා වලින් දින හතක් හෝ දා හතරක් ඇතුළත ගොඩබිම කරා පැමිණෙතැයි ඔවුන් අතර විශ්වාසයක් පවති. මහ සයුරේ දී කිසියම් උපද්‍රවයකට මුහුණ පැවේ නම් දෙවියන් වහන්සේ විසින් සිය කැමැත්තෙන් තමන් ඇතුළු පිරිස බේරා ගොඩබිමට ගෙන එතියි ඔවුහු විශ්වාස කරති.ශුද්ධ වු ලාසරස් සහ ශාන්ත අන්තෝනි මුනිවරුන්ගේ ද, සින්ධාත්රී දේව මෑණියන්ගේ බලයෙන් ද, ගොඩබිම වෙත තමන්ට හිංසාවකින්, පීඩාවකින් තොරව පැමිණිය හැකි යැයි අතරමං වූ ධීවර කාර්මිකයන් විශ්වාස කරති. තමන් ධීවර කටයුතු සඳහා පිටත්ව යෑමට පෙර නිවසේ දී හෝ දේවස්ථානය වෙත ගොස් පඬුරු දමා ආශිර්වාදය ලබා ගත යුතුව ඇතැයි විශ්වාස කරති.
රැුකියාවට පිටත් වීමට පෙර ආසිරි පැන් පානය කිරීම හෝ ශරීරයෙහි ගල්වා ගැනීම සිය ආරක්ෂාවටත්, යාත්‍රාවේ ආරක්ෂාවට හේතු වෙතියි විශ්වාස කරති. ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පසු කිසියම් ධීවර කාර්මිකයෙකු මිය ගියහොත් ඔහු ගොඩබිමට ගෙනවුත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේවස්ථානයෙහි පුජකවරයා යාත්‍රාව වෙත කැඳවා ආශිර්වාද කරවා ගැනීම සිදු කරති. මෙසේ කරවා ගැනීමෙන් යාත්‍රාවේත් ගමන් කරන්නවුන්ගෙත් ආරක්ෂාව තහවුරු වෙතියි ඔවුන් විශ්වාස කරති.
ධීවර කර්මාන්තයට අධිපති සින්ධාත්රී දේව මෑණියන් සහ ව්‍යාපාරයන්ට අධිපති දෙව්වරුන්ගේ නම් යාත්‍රා සඳහා යොදා ගත යුතු යැයි විශ්වාස කරති. මෙම නම් යාත්‍රාවලට යෙදීමෙන් එම කර්මාන්තයෙහි අභිවෘද්ධියත් යාත්‍රාවේ සහ එහි රැුකියාව කරනවුන්ගේ ආරක්ෂාවත් සහතික වෙතියි විශ්වාස කරති. ධීවර කටයුතු පිළිබඳ බයිබලයේ සඳහන් වන නිසා එම වෘත්තියෙහි නියැලී ධීවර කාර්මිකයන්ට දෙවියන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ඔවුන් විසින් විශ්වාස කරනු ලැබේ.සුළු හෝ විශාල කරදරයක් මුහුදෙහි දී හෝ ගොඩබිමේ දී සිදුවුවහොත් බයිබලයෙහි දැක්වෙන පාඨයක් සිහි කිරීමෙන් එයින් මිදීමට හැකි වෙතැයි විශ්වාස කරති. ව්‍යාපාරයන්ට අධිපති ශාන්ත අන්තෝනි මුනිතුමා හා ඒ ආශ්රිත පිරිසකගේ නාමයන් යාත්‍රා සඳහා යෙදීමෙන් තම ව්‍යාපාරයෙහි දියුණුවත්, ආරක්ෂාවත් සැලසෙති යි ධීවරයන් විසින් විශ්වාස කරනු ලැබේ.
පාන්දර අවදි වී පොල් තෙල් පහන් දල්වා ඔරසම් ප්‍රකාශ කොට, ශාන්ත අන්තෝනි මුනිදුන්ගෙන් ජීවිතය ගලවා දෙන ලෙසත්, මාලූ විශාල වශයෙන් අල්ලා ගැනීමට උපකාරී වන ලෙසත්, ප්‍රකාශ කිරීමෙන් තම ධීවර ජීවිතය සාර්ථක වෙතියි විශ්වාස කරති.
බේරුවල බණ්ඩරවත්තේ ලාසරස් මුනිඳුන්ගේ දේවස්ථානයේ වර්ෂයක් පසා පවත්වනු ලබන මංගල්‍යයේ දී එම මුනිදුන්ගේ රූපය සහිත කොඩියක් ඔසවනු ලැබේ. එම කොඩිය එසවීමේ දී ලාසරස් මුනිඳුන්ගේ රූපය ගොඩබිම් ප්‍රදේශයට එසවී තිබුණහොත් ධීවර කර්මාන්තයට අයහපත් කාල පරිච්ෙඡ්දයක් උදා වෙතියි විශ්වාස කරනු ලැබේ. ගාලූ පාරට මායිම්ව පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වර්ෂයක් පසා උත්කර්ශවත් ලෙස පවත්වනු ලබන මංගල්‍යයේ දී එම මුනිදුන්ගේ රූපය සහිත කොඩියක් එසවීමේදී එම මුනිදුන්ගේ රූපය රට අභ්‍යන්තර දෙසට සිටින සේ එසවී තිබුණහොත් ධීවර කර්මාන්තයෙහි නියුතු ධීවර ව්‍යාපාරිකයින්ට ¥ර්දශාපන්න කාල පරිච්ෙඡ්දයක් උදා වෙතියි විශ්වාස කරති.
මෙම වාර්ෂික මංගල්‍යයන් දෙකෙහිදී ඔසවන ලද එම කොඩි මුහුද දෙසට මුහුණ ලා එසවී තිබුණහොත් ධීවර කාර්මිකයන්ට හා ධීවර ව්‍යාපාරිකයින්ට සුභ කාල පරිච්ෙඡ්දයක් ඉදිරියේ දී උදා වෙතියි විශ්වාස කරති. රැුකියාව සඳහා පිටත්ව යෑමට පෙර අවශ්‍ය ආන්පන්න සැකසීමේදී හා පිටත්ව යෑමේදී පළමුව මුහුදෙහි මද දුරක් ගොස් ගැඹුර පරික්ෂා කොට නැවත පැමිණ ඔරසන් කියා ගමන් ඇරඹිය යුතු යැයි ධීවරයෝ විශ්වාස කරති. මෙම ආම්පන්න සැකසීම ‘එන්ජින් හයි කිරීම’ යනුවෙන් ඔවුහු හඳුන්වති.
බෝට්ටු බාන විට හෙවත් නැංගුරම් දැමීමේදී ඔරසන් කිය යුතු යැයි ඔවුහු විශ්වාස කරති. මෙයින් මොවුහු ජීවත්වීම සඳහා උපකාරී වූ යාත්‍රාවට කෘතගුණ දැක්වීම අපේක්ෂා කරති අපට විශ්වාස කළ හැක.
ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තම ස්වාමිපුරුෂයාට, පුත්‍රයාට හෝ ඥාතියෙකුට හෝ කිසියම් ආපදාවක් සිදුවුවහොත් කි්රස්තියානි කාන්තාවෝ ශාන්ත මරිය මව්තුමිය වෙත එය ප්‍රකාශ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි යැයි විශ්වාස කරති.
පිතාගේත්, පුත්‍රයාගෙත් ස්ප්‍රිතු සාන්තුගෙත් නාමයෙන් ආමේන් ජේසු - නමෝ මරියෙනි, ප්‍රිය ප්‍රසාද පුර්ණ වන්තීනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය. ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ය. ඔබගේ සිරි කුසෙහි ඵලවන් ජේසුන් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි, දේව මෑණියනි පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව ආමේන් ජේසු...
මෙම තෝරාගත් විශේෂ පාඨය ශාන්ත මරිය මව්තුමිය ඉදිරියෙහි ප්‍රකාශ කිරීමෙන් සියලූ උපද්‍රව දුරු වෙතියි ධීවර කාර්මිකයෝ විශ්වාස කරති. සිය ආහාර වේල සහ ආරක්ෂාව ලබා ගැනීමටත්, උවදුරු යටපත් කර ගැනීමටත්, ධීවර කාර්මිකයෝ පෙර සේම තෝරාගත් පාඨයන් ලෙස දැක්වෙන, ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ දී මෙන් මෙලොවෙහි ද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට හසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. ආමේන්
යනාදි පාඨය වත් පිළිවෙත් කොට ප්‍රකාශ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි යැයි ධීවර කාර්මිකයන් විසින් විශ්වාස කරති.
ක්‍රිස්තියානි ධීවර කාර්මිකයෝ සිය ජීවිතයේ අවසන් භාගයේදී ලාසරස් දෙව් මැදුරේ හෝ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පියතුමා තම නිවසට කැඳවා අන්තිම ආලේපය කරවා ගැනීමෙන් මතු ආත්මය සුවපත් වෙතියිද, මෙලොව සිහියෙන් යුතුව හැර දමා යෑමට හැකි වෙතැයි ද විශ්වාස කරති. මරණය සිදුවීමෙන් පසු තමන් දායකත්වය දැරූ දේවස්ථානයහි වල දැමීමෙන් දෙවියන් වහන්සේගේ සභාවාසයට ඉතා සුළු කලකින් ළඟාවෙතැයි ද, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රමාද වී ලැබෙතැයි ද ධීවර කාර්මිකයෝ විශ්වාස කරති.තමන් විසින් කරනු ලැබු පව් කමාව පිණිස පාපොච්චාරණය නැමැති ප්‍රසාද නිධානය ද, විවාහය පිණිස ආශිර්වාදකාර බන්ධනය ද, දිව්‍ය පුජාවන්ට සහභාගි වන්නන්ට මෙන්ම රෝගීන්ට ද, මරණාසන්න වුවන්ටද දිව්‍ය සත්ප්‍රසාදය පියතුමා ලවා කරවා ගත හැකි යැයි මොවුන් විශ්වාස කරති.
No comments:
Post a Comment