Tuesday, April 9, 2019

මිරිඟුව



 මිරිඟුව



හිතුමතේ ගත කරනා
අහංකාර ජීවිතය
අඳුරු දෑස් දල්වා
කොහේදෝ නුඹ යන්නේ

නිරර්ථක ජීවිතය
බෝල් වූ ආශාවන්
පසුපස හඹා
කොහේදෝ නුඹ යන්නේ

කෙදිනක හෝ නුඹ
දිව ගිය දිවි ගමනේ
හතිලමින් වැටුණු කල
මදක් නතර වී බලනු මැන

කුමක් පසුපස හඹා ආ වග
විමසා බලනු මැන
ඔබට වැටහෙනු නම් ඒ මිරිඟුවක් වග
මිය යන්නට පෙර සතුටු වෙයන් නුඹ

නුවණ පහල වී නම් නුඹට
දෙනු මැන දිවියට අරුතක්
මිය යන්නට පෙර නුඹ 

No comments:

Post a Comment